නාගරික නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර ලබන පෙබරවාරි මාසයේදී සිදු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද සඳහන් කළේ, මේ යටතේ කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට පවරන බවයි.
එවැනි නිවාස 52000 ක් පමණ මේ වනවිට හඳුනා ගෙන ඇති අතර ඉන් 50% ක ඔප්පු ප්රදානය පළමු අදියරේදී සිදු කෙරෙන බව ද වාර්තා වේ .
අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ලේකම්වරයා ප්‍රකාශ සඳහන් කරන ලදී .