ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී බිත්තර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අසන ලද ප්‍රශනයකට පිළිතුරු ලබා දුන් වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ සති දෙකක් පමණ පාර්ලිමේන්තු ආපනශාලාවේද බිත්තර නොමැති බවයි.
වෙළද අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ,
“වෙළද ඇමති හැටියට පසුගිය මාස හත තුළ බිත්තර ප්‍රශ්නයක් තිබුණු බව අපි දැන ගත්තා. මේ ගැන සාකච්ඡා කළා.විශේෂයෙන්ම කෘෂිකර්ම ඇමති සහ ඒ ඒ ආයතන සමග එක්ව් සාකච්ඡා කරමින් ඊට සහය ලබා ගත්තා.රටේ 40% ක බිත්තර හිගයක් තිබෙන බව අපි දැන ගත්තා. ඒ අතර විශාල පරිශ්‍රමයක් දරුවා මම බිත්තරවලට පාලන මිලක් දාගන්න . ඒ වගේම කටු සහිත බිත්තර ආනයනය කළා. මෙහි පළමු තොගය අද කොළඹ වරායට ආවා. ළගදී ම ජනතාවට බිත්තර ලබා දෙන්න පුළුවන් . මේ වෙලාවේ දියර බිත්තර ගැන කතා කරනවා . හැබැයි ලෝකෙ ඉහළම සමාගම් Srilankan Airlines වල පවා කෑම හදන්න දියර බිත්තර එක පාවිච්චි කරනවා . මේ රටටත් ආනයනය කරන්න අවස්ථාවක් ගැන අපි කතා කළා. ඊට අවසර ගන්නවා. හැබැයි මේ පාර්ලිමේන්තුවෙත් බිත්තර නැහැ . දැන් සති දෙකක් තිස්සේ බිත්තර ගෙනත් නැහැ. “