අද (09) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30ට රැස්වන අතර පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති බව වාර්තා වේ .
ඉන් අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 06.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙන අතර ප.ව 06.00 සිට ප.ව 06.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ .