කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අද (11) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ඉන් අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බව සදහන්.
අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත අතර වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයද අද (11) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.