ප්‍රධාන මාර්ගයක කොටසක් ගිලා බසී.

අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයක කොටසක් හදිසියේම ගිලාබැසීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ගිනිගත්හේන ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස ගිලාබැස ඇති බව සදහන්.

ගිනිගත්හේන පොලීසිය පැවසුවේ මේ හේතුවෙන් අදාළ ස්ථානයෙන් රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇති බවයි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කෝවිල අසල ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස ගිලා බැසීමට ලක්වී ඇති බව සදහන්.

අද (03) දින උදෑසන 08ට පමණ මෙම ගිලාබැසීම ආරම්භ වී ඇති බවත්, එම ස්ථානයේ මීට පෙරත් ගිලාබැසීමක් සිදුවී තිබූ බවත් වාර්තා වෙයි.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගයේ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි.

Exit mobile version