පාස්පෝර්ට් එක දින තුනෙන් නිවසටම.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වා දෙන බවත් , ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි වී සිටින අයෙකුට සිය විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නිවසටම ගෙන්වා ගැනීමට හැකි බවත් ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk යන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම් කළ හැකි බවත් , පසුව ළඟම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් ඇඟිලි සලකුණු ලබා දී මාර්ගගත ක්‍රමය ඔස්ස්සේ අදාළ ගෙවීම් සිඳු කළ යුතු බවත් , මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 50ක ඇඟිලි සලකුණු ලබා ගැනීම සඳහා වන යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර තිබෙන බවත් , මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කුරියර් සේවාවක් හඳුන්වා දී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version