බුදු දහමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්ව රටින් පලා ගිය දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා ඔහු විසින් වරදක් සිදු කළ බව පිළිගෙන ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ පසුගිය දිනක දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ මාපියන් තමන් හමු වී තම පුත්‍රයා වෙනුවෙන් සමාව අයැද සිටි බවයි.
එහි දී ඇති වූ සංවාදය පිළිබඳවද උන්වහන්සේ අදහස් පල කර තිබෙනවා.
දේව බලයෙන් රෝග සුව කරන බව පවසමින් දේව ගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ප්‍රකට දේව මෙහෙයක් සිදු කළ අතර ඒ අතර වාරයේ ඔහු සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් බුදුන් වහන්සේට අපහාසයක් වූ බවට චෝදනා එල්ල වී තිබුණා.
මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් ,