සිතාසියක් දෙන්න ගිය පී.සීට ගහලා.

සිතාසියක් භාර දීමට හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සාමාජිකයකු සහ කාන්තාවක් අත් අඩංගුවට ගත් බවට අතුරුගිරිය පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

ළමා ආරක්ෂක අධිකාරියේ නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් භාර දීම සදහා අදාල නිළධාරීයා එම නිවසට ගිය අවස්ථාවේදී මෙම පහර දීම සිදු කර ඇති අතර පහර දුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිට ඇතැයිද පොලීසිය පවසයි.

අදාල සිතාසිය භාර දීමට තොරතුරු විමසූ අවස්ථාවේදී පොලිස් නිළධාරීයාට පරුෂ වචනයෙන් බැණ වැදී එම නිළධාරීයාගේ රහස් ප්‍රදේශයට පහරදීමක් සිදු කර ඇතැයි ද ඒ හේතුවෙන් අදාල නිළධාරීයා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.

Exit mobile version