පාලන මිල නොතකන සහල් වෙළෙදුන්ට දඩුවම්

වැඩි මිලක් යටතේ සහල් අලෙවි කරන වෙළෙදුන් සහ සහල් සගවාගෙන සිටින වෙළෙදුන් පිලිබඳව 1977 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන්ගෙ න් ඉල්ලීමක් කරයි.

වාර්තා වන ආකාරයට සහල් සඳහා පාලන මිලක් නියම කර තිබුනද වෙළෙදුන් වැඩි මිලට සහල් අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට තොරතුරු ලැබී ඇති බව සඳහන්.


ඒ අනුව පාරිභෝගික අධිකාරිය සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් ආරම්භ කර තිබේ.

රතු හා සුදු නාඩු කිලෝව රුපියල් 220ක්ද ,
කීරි සම්බා කිලෝව රුපියල් 260ක් ද ,
සම්බා කිලෝව රුපියල් 230ක් ද ,
රතු සුදු කැකුලු කිලෝව 210ක් ද ,
වශයෙන් ප්‍රකාශ කර ඇති බවට එම අධිකාරියේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

මෙලෙස සහල් සඳහා පාලන මිලක් නියම කර තිබුනද වෙළෙදුන් විසින් එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.


මේ අතර කීරි සම්බා හිගයක් පවතින බවත් එබැවින් සුපිරි වෙළෙඳසැල් සහ සතොස අලෙවිසැල් වලද මාසයක පමණ සිට කීරි සම්බා සහල් නොමැති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

Exit mobile version