සීගිරියේ බැමිවලින් 70% ක් මිනිස්සු විනාශ කරලා.

සීගිරියේ සංරක්ෂණය කර ඇති පෞරාණික බැමි මත සංචාරකයන් ඇවිදීම හේතුවෙන් ඒවා සියයට 70ක් පමණ විනාශ වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පවසන්නේ, පෞරාණික බැමි මත ගමන් කිරීමෙන් වළකින ලෙසට සංචාරකයන්ට දැනුම්දෙන පුවරුද සවිකර ඇති බවයි.

බොහෝ සංචාරකයන් එම සලකුණු නොසළකා හරින බැවින් පෞරාණික ගඩොල් බැමි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන ගණනක් වැය කරන බවත් ඔහු පවසයි.

ප්ලාස්ටික් බෝතල් ගොඩගැසීම හේතුවෙන් ලෝක උරුමයක් වන සීගිරිය අවට පරිසර පද්ධතියටද දැඩි බලපෑම් එල්ල වී ඇති බව මහාචාර්ය රණසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

(ceylonwire)

Exit mobile version