මෙම වර්ෂයේ මේ දක්වා කාල පරාසය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු සිය දිවි නසාගෙන ඇති බවත් , තවත් සිසුන් දෙදෙනෙකු සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවත් , ඔවුන් උපදේශනයන් සඳහා යොමු කර ඇති බවත් විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන ඉම්තියාස් බාර් මාකර් විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ඇතැම් සිසුන් දිනකට එක් වේලක් පමණක් ආහාර ගන්නා බවත් , සිසුන් මේ වන විට මානසික අවපීඩනයෙන් සිටින බවත් , මොවුන් විශාල වශයෙන් අසනීපවලට ගොදුරු වන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.