උතුරේ ධීවර සංගම්වලින් නරේන්ද්‍ර මෝදිට පෙත්සම්.

ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන හානි , බලපෑම් සහ තර්ජන වහාම නතර කිරීම සඳහා මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් එකමුතුව නියෝජනය කරමින් එහි සභාපති ඒ.අන්නාරාසා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා වෙත පසුගිය 13 වනදා පෙත්සමක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යැවීම සඳහා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලා වෙත භාර දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙරට ජනාධිපති රනිල් වික්‍රාසිංහ මහතා නුදුරේදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන බැවින් එහිදී පැවැත්වෙන සාකච්ඡාවේ දී මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් විසඳුමක් ලබා ගන්නා ලෙසත් , ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින් හට එල්ල වන විවිධ බලපෑම්  වසර 40 කටත් වඩා වැඩි  කාලයක් සිදු වන නිසා මෙම ගැටලුව විසඳා ගැනීමට රටවල් දෙකම ලබා ගත් කාලය ප්‍රමාණවත් බවත් , මෙවර එම ගැටලු සඳහා ස්ථීර විසඳුමක් ලබා ගන්නා ලෙසත් උතුරේ ධීවර සංගම් විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ පෙත්සමේ දන්වා ඇති බව සඳහන්.

Exit mobile version