ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය වසරට සාපේක්ෂව එම සංස්ථාවේ ඩොලර් ආදායම ඉහළ ගොස් ඇති බවට නවතම ආදායම් වාර්තා මඟින් අනාවරණය කර ඇති බවට එහි ප්‍රකාශකයෙකු පවසා තිබේ.
නෞකා වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය හරහා උපයාගන්නා ආදායම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සංස්ථාවේ ඩොලර් ආදායම් ඉහළ යාමට එය ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන්.
ඊට අමතරව පසුගිය කාලය තුළ සිදුකළ දැව තෙල් අපනයනය කිරීමේ කාර්යය හරහා ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලකිය යුතු ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.
මේ අතර ලෝක වෙළෙඳපොළේ තත්ත්වයන්ට අනුකූලව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකරනු ලබන වියදම් මත ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක වන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබේ.