ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකමට.

වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති නායකයින් 20කට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බවට අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී විදුලිබිල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් මෙයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ජාතික වෘත්තීය සමිති මධය්‍යස්ථානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

Exit mobile version