PHI සංගමයෙන් අනතුරු ඇඟවීම්….

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ , නිරෝධයන ඇඳිරි නීතිය පනවා තිබුණ ද ජනතාවගේ සංචරණ සීමා නොවීම තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම දුෂ්කර වනු ඇති බවයි.

අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් ජනතාව නිරෝධායන නීති උල්ලංඝනය කරන අයුරක් පෙනී යන බවයි ඔහු උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියේ.

දැනට දෛනිකව සිදු වන මරණ සංඛ්‍යාව ඒ විදිහට තවදුරටත් වැඩිවෙමින් තිබෙනවා.ඒ වගේම සංඛ්‍යාත්මකව ගත්විට ආසාදිතයින් වැඩිවෙමින් යනවා.නමුත් ගැටලුව තිබෙන්නේ නිරෝධායන කාලසීමාව ආරම්භ කරලා තවමත් දින 14ක් ගෙවී ගොස් නැහැ.නිරෝධායන ඇඳිරිනීතිය ආරම්භ කළ දිනයේ සිට දින 14ක අවම කාලයක් ගෙවීගිය පසු අප බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ දෙවන සතියේ වන විට යම් තරමක අඩුවීමක් මෙහි දක්නට ලැබෙයි කියලා.නමුත් අපේක්ෂිත ප්‍රතිඵල 100%ක් අපට ලැබෙන්නේ නැහැ.මොකද මේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය තුළ ජනතාවගේ සංචරණ සම්පූර්ණයෙන්ම සීමාවෙලා නැහැ.අත්‍යවශ්‍ය කටයුතු සහ එම කටයුතු වලට මුවා වුණු ඇතැම් පිරිස් සැරිසරනවා අපිට පෙනෙන්නට තිබෙනවා. මේ සැරිසැරීමත් සමග යම් ගැටලුකාරී තත්ත්වයක් අපට ඇතිවෙන්න පුළුවන්.”

Exit mobile version