PHI සංගමය කනස්සල්ලෙන්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ, සෞඛ්‍ය බලධාරීන් විසින් සංචරණ සීමා හා සෞඛ්‍ය නිර්ණායක ලිහිල් කිරීම සඳහා පියවර ගෙන ඇත්තේ කිසියම් බලපෑමක් හේතුවෙන්දැයි සැක මතුව ඇති බවයි.

ලෝකය පුරා ඔමික්‍රොන් වැනි වෛරස් ප්‍රභේදයක් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කාල පරිච්ඡේදයක  රට ඉදිරියේ දී අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බව ද ඔහු සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඔමික්‍රොන් ආසාදනය වූ පුද්ගලයන් රට තුළ වාර්තා වන පසුබිමක දී උත්සව සමයක් ලඟ පැමිණ ඇති වාතාවරණයක් තුළ මෙලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ලිහිල් කරමින් නිරෝධායන කටයුතු ලිහිල් කරමින් කටයුතු කිරීම කෙතරම් දුරට සාධාරණ ද යන්න පිළිබඳව ගැටලුවක් නිර්මාණය වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙවැනි තීරණයක් ගෙන ඇති තත්ත්වයක දී උත්සව සමය අවස්න් වන විට රට තුළින් කොවිඩ් – 19 ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා විය හැකි බව ද ඔහු මෙහි දී තවදුරටත් අවධාරණය කර ඇත.

Exit mobile version