ඊයේ (04) සවස පොළොන්නරුව දෙස සිට සේරුවිල දෙසට ධාවනය වූ වෑන් රථයක පිටුපස ටයරය පුපුරා ගොස් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරළී පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ මියන්කුලම ප්රදේශයේ දී සිඳු වූ අනතුරින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා වේ.
තුවාල ලැබූ පිරිස අතරේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් හය දෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු වන අතර මොවුන් වැලිකන්ද ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
තුවාලකරුවන් වාලච්චේන රෝහලට ඇතුළත් කර පසුව වැඩි දුර ප්රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.