සුරාබදු නිලධාරින්ට පිස්තෝල .

සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සදහා ඉදිරියේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118ක් මිලදී ගැනීමට කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට කාලානුරූපීව ගිනි අවි භාවිතා කිරීම අවශ්‍ය බැවින් නාවික හමුදාවේ සහය ඇතිව මෙම පිස්තෝල මිළදී ගැනීමට කටයුතු කරන බවයි.

Exit mobile version