නිල්කටරොළු මලෙන් උපන් පිටදූවේ, මල්වතු හුරතල් කරයි. ගිහියන්ට සහ වලව්වලට නීති දෙකක් ලංකාවේ තියෙනවද?

තමන් බුදුවරයකු හෝ රහතෙක් යැයි හැඟවෙන ආකාරයෙන් හැසිරෙමින් බෞද්ධ දර්ශනය විකෘතිවන ආකාරයේ දේශන සිදුකළ පිටිදුවේ සිරිධම්ම හිමියෝ මල්වතු විහාරයට ගොස් මහනාහිමියන් ඉදිරියේ සමාව අයැද සිටියහ.

උන් වහන්සේ එලෙස සමාව ගත්තෙ දෙවැනි වරටය.පළමුව වරට සිරිධම්ම හිමියන් මල්වතු විහාරයට ගොස් සමාවගත්තේ 2017වසරේදිය .


2017 වසරේදි උන් වහන්සේ ඇතුළු තවත් ධර්මය විකෘති කරන කිහිප නමක් මල්වතු විහාරයට කැඳවා කරුණු අවබෝධ කරදීමෙන් පසු සමාව ගත්හ.

නමුත් එලෙස 2017 දි ලිඛිතව සමාව ගත් පිටිදුවේ සිරිධම්ම හිමි ඇතුළු අනෙකුත් හිමිවරුන් සමාව ගත් දිනයේ සිටම සිදුකර ඇත්තේ ධර්මය විකෘතිවන දේශනාය.

2017 දි සිරිධම්ම හිමියන් සමාව ගත් පසු මල්වතු පාර්ශවයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නැවත උන් වහන්සේ වැරදි දේශනා නොකරන බවය.

මෑතකදි සිරිධම්ම හිමියන් මල්වතු ව්හාරයට කැඳවා තිබුණේ ත්‍රිපිටකය විකෘතිවන ආකාරයෙන් දේශනා කිරිමක් සම්බන්ධයෙන් කරුණු විමසිමටය.

එහිදි සිරිධම්ම හිමියන් මල්වතු මහනාහිමියන්ට පවසා සිටියේ වැරදි අවබෝධයක් නිසා තමන් එලෙස ප්‍රකාශ කළ බවකි.ඒ සදහා තමන් කරුණු ගත්තේ පරණ අහසේ අලුත් සඳ නැමැති කෘතියෙන් බවත් පවසා තිබිණි.

මෙම කෘතිය පරිවර්තනයකි. එය පරිවර්තනය කර තිබුණේ ඉන්දිය මහ බෝධි සමාගමේ මහ ලේකම් ධුරය දැරු දොඩංගොඩ රේවත නාහිමියන් විසින්.මේවනවිට විවිධ හේතු මත රේවත හිමියන් ඉන්දිය මහ බෝධි සමාගමෙ තනතුරිවලින් ඉවත්කර ඇත.

සිරිධම්ම හිමියන් වර්තමානයේ ප්‍රකට වන්නේ ව්‍යාපාරිකයෙකු වශයෙනි.උන් වහන්සේ මේ සියලු විකෘතින් කරනුයේ සිය ප්‍රසිද්ධිය උදෙසා බව පැහැදිලිය.


සිරිධම්ම හිමියන් දහම විකෘති කිරිම නිසා 2017 දි මල්වතු විහාරයට කැඳවා අවවාද කිරිමෙන් පසු නැවත 2023 දි කැඳවිමෙන් පසුත් නැවත සමාව දි තිබේ.මල්වතු විහාරයට තිබුණේ කාරක සභාවේ හිමිවරුන් ඉදිරියේ මෙම ප්‍රශ්නය විසදිමට පියවර ගැනිම නොව රටේ පිළිගත් විද්වත් හිමිවරුන්ගේ කමිටුවක් පත්කර ඒ හරහා සිරිධම්ම හිමිගෙන් ප්‍රශ්න කිරිමට ඉඩදීමය.මල්වතු විහාරයේ සිටින බහුතර කාරක සභිකයන්ට ධර්මවිනය ගැන අවබෝධයක් තිබේද යන්න සැක සහිතය.සිරිධම්ම හිමියන්ගේ ප්‍රශ්නය විසදිමට පැමිණි කාරක සභිකයන්ගෙන් සිරිධම්ම හිමියන් ත්‍රිපිටකය ගැන ප්‍රශ්නයක් ඇසුවේනම් එහි සිටි හිමිවරුන් ගෙන් පිළිතුරු දිය හැක්කේ කී නමකටදැයි සැක සහිත බව හිමිවරු කීපනමක් අප පුවත් සේවයට පැවසුහ.

ධර්මය විකෘති කරනවිට ගෙන්වා මේ ලෙස අවවාද කර මුදා හරින්නේ මල්වතු විහාරයෙන් ගැලවීමට බව පැහැදිලිය.නොඑසේනම් මල්වතු විහාරයටද දොස් එන බව උන් වහන්සේලාද දනිති.නමුත් සිරිධම්ම හිමියන් මඩ ගහගන්නා විට මල්වතු විහාරය කරන්නේ උන් වහන්සේ මල්වතු විහාරයට කැඳවා නහවා පිරිසිදු කිරිමකි.කෙටියෙන්ම කියතොත් එය හොඳ හොඳ මඩේ දැමීමකි.

අනෙක් කාරණය වන්නේ සිරිධම්ම හිමියන් අපහාස කළේ , විකෘති ක⁣ළේ බෞද්ධ දර්ශනයයි.එසේ වනවිට සිරිධම්ම හිමියන් මල්වතුකාරක සභාවෙන් සමාව අයැදිමෙන් ඇති පලක් නොමැත.උන් වහන්සේට එලෙස සමාව දීමට මල්වතු විහාරයට අයිතියක්ද නැත.මේ ප්‍රශ්නය අධිකරණයට යා යුත්තකි.ගිහියකු දහම විකෘති කළවිට අධිකරණ පියවර ගන්නයි, පැවිද්දෙකු දහම විකෘති කරනවිට පන්සලට ගෙන්වා අවවාදකර මුදාහරින්නයි වශයෙන් නීති දෙකක් තිබිය හැකිදැයි විද්වත්හු ප්‍රශ්න කරති.

සිරිධම්ම හිමියන් තමන්ගේ පැවිදි නමට අමතරව තවත් නමකින් පෙනි සිටි.ඒ සමන්තභද්‍ර වශයෙනි .එය බුදුරදුන්ට කියන කමකි.මේ අන්දමින් තවත් නමකින් පෙනි සිටිම වංචාවකි.මල්වතු විහාරය මේ සම්බන්ධයෙන් සිරිධම්ම හිමිගෙන් ප්‍රශ්නකර එසේ කිරිම නතරකල යුතුව තිබිණ.නමුත් එවැන්නක් සිදුවු බවක් පෙනෙන්නට නැත.එසේම සිරිධම්ම හිමියන් හැසිරෙන්නේ තමන් බුදුවු අයකු හෝ රහත්වු අයකු වශයෙනි.ඒ ගැන මල්වතු විහාරයෙන් ප්‍රශ්න කළ යුතුව තිබිණ.

නමුත් 2017 දි මෙන්ම 2023 වසරේදිද මල්වතු විහාරයෙන් සිදුකර ඇත්තේ සිරිධම්ම හිමියන් ගේ මඩ සෝදා පිරිසුදු කර උන් වහන්සේ සුරතල් කිරිමකි.මෙයින් සසුනට අත්වෙන කිසිම ප්‍රතිඵලයක් නොමැත.

Exit mobile version