හෙක්ටෙයාර 16,000ක බඩ ඉරිඟු වගා කරන්න සැලසුම්.

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලෙහි නියෝජිතයින් පිරිසක් ඊයේ (13) පස්වරුවේ කෘෂිකාර්මික අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මෙරට තුළ හෙක්ටෙයාර 16,000ක බඩ ඉරිඟු වගා කිරීම සදහා  එම අරමුදල සිය  එකඟතාවය පළ කළ බව  වාර්තා වේ.

ඒ අනුව අනුරාධපුරය , හම්බන්තොට , මොණරාගල , පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කිරීමට නියමිත තිබෙන අතර මේ සඳහා උසස් තත්ත්වයේ දෙමුහුන් බීජ , රසායනික පොහොර , බිම් සැකසීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් නැවත අයකර නොගැනීමේ පදනම යටතේ ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

Exit mobile version