දිරාපත් ව ඇති තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරම් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය අමාත්‍යංශය සැලසුම් කර තිබෙන බව වාර්තා වේ .
ජැටියේ ප්‍රතිසංස්කරණ කටයුතු වරාය අධිකාරිය විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා රුපියල් මිලියන 1800 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජය සතු ඉඩම් අක්කර 10ක භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට තීරණය කර තිබෙන අතර මේ යටතේ නවීන මගී පර්යන්තයක්, ගබඩා සංකීර්ණයක් ඇතුලු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබේ.
තලෛමන්නාරම සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවීමට තීරණය කර ඇති බවත් , තලෛමන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර මගී යාත්‍රා සේවාව සඳහා ඉන්දීය රජයේ අනුමැතිය නුදුරේදීම ලැබෙනු ඇති බවත්
මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.