ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන 28 442 පොලිස් කොස්තාපල් පනාපිටිය නැමැති නිලධාරියෙකු පිස්තෝලය පෙන්වා තර්ජනය කර බිය ගන්වා රුපියල් තිස් දෙදහසක මුදලක් කප්පම් ලෙස ලබා ගත් පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
සපුගස්තැන්න පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියාට විරුද්ධව ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 34 419/2023 යටතේ නඩුවක්ද පවරා තිබුණත් එම ගිනි අවිය මේ වනතෙක්ම සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අසමත්ව තිබේ.
එසේම ගිනි අවිය සොයා ගැනීමට නම් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම කළ යුතුව තිබුණත් කුමක් හෝ හේතුවකින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර නැත. අපට ලැබී තිබෙන වීඩියෝවට අනුව කප්පම් මුදල් ලබා ගනීමට මෙම නිලධාරියාද සහභාගී වී තිබේ.
අධිකරණයේ ක්‍රියා පිළිබඳව අපට තර්ක ඉදිරිපත් කළ නොහැකි වුවත් කප්පම් ගත් බවට චෝදනා එල්ල වන නිලධාරියෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ සක්‍රීය සේවයේ යෙදී සිටින්නේ කෙසේද? යන්න පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේම සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමට අපව සිදුව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව තවදුරටත් සක්‍රීය සේවයේ තබා ගනිමින් ඔහු දිගින් දිගටම තවදුරටත් අපරාධ සිදු කරන්නේ නම් ඒ පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවන දැඩි කැළලකි. පොලිස් දෙපාර්තමේන්තුව යනු අපරාධකරුවන් සතුව හෝ ඔවුන් සුරකින පොලිස් නිලධාරීන්ගේ බූදලයක් නොවේ. එය සමස්ත මහජනතාවගේම ආයතනයකි.
අපරාධකරුවන් බවට සැකකරනා පොලිස් නිලධාරීන් සක්‍රීය සේවයේ යෙදී සිටීම, යහපත් පොලිස් නිලධාරින්ටද දැඩි අපහසුවක් ඇතිවන අතර එය ඔවුන්ට දැඩි අයහපතකි. එසේම මෙම නිලධාරියාට තවත් චෝදනා තිබෙන බවත්, ඒවාට එරෙහිව අධිකරණවල නඩුද පවතී. ඔහුගේ නඩු සදහා පෙනී සිටින්නේ රටේ ඉහලින්ම සිටින නීතීවේදීන් බවද කිය වේ. ඒ ආකාරයෙන් වියදම් කිරීමට නම් , පොලිස් පොඩ්ඩෙකුට හෝ පොලිස් ලොක්කෙකුටවත් ලේසි නැත. රාජ්‍ය සේවයේ සිටිනා, උපන් කෝටිපතියන් සිටින්නේ අඩුවෙනි.
මේ වන විටත් තම රාජකාරිය දූෂිත ලෙස සිදු කරනා නිලධාරින් 30%කට වඩා සිටිති. දූෂිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පවා සිටින අවධියක යහපත් ලෙස හෙට ලොව දකින පොලිස් නිලධාරින්ට රාජකාරීය නිසි ලෙස සිදු කරගෙන යාමට නොහැකිව තිබෙන්නේ මෙවැනි දූෂිත පොලිස් නිලධාරින් දිගින් දිගටම පොලිස් දෙපාර්තමේන්තුව තුල තබා ගැනීම නිසාය.
සමාජ ශෝධනයකට පෙර පොලිස් දෙපාර්තමේන්තුවට ආදරය කරන පොලිස් නිලධාරින්ට සිදුව තිබෙන්නේ සහ ඔවුන් කළ යුතුව තිබෙන්නේ ප්‍රථමව පොලිස් දෙපාර්තමේන්තුව ශෝධනයකට ලක් කිරීමයි.
සමාජ ශෝධනයකට පෙර පොලිස් දෙපාර්තමේන්තුවට ආදරය කරන පොලිස් නිලධාරින්ට සිදුව තිබෙන්නේ සහ ඔවුන් කළ යුතුව තිබෙන්නේ ප්‍රථමව පොලිස් දෙපාර්තමේන්තුව ශෝධනයකට ලක් කිරීමයි.එය ප්‍රථමව කළ විට පමණක් සමාජය තුල අපරාධකරුවන් බිහි වීම අධිවේගයෙන් අක්‍රීය වනු ඇත.
එබැවින් පොලිස් දෙපාර්තමේන්තුව කළ යුතුව ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටින චෝදනා ලත් සියලුම පොලිස් නිලධාරින් ප්‍රථමව පොලිස් දෙපාර්තමේන්තුවෙන් ආයතන සංග්‍රහයට අනුව කටයුතු කර බලය අභිමතය සහ රාජකාරිය තුලනාත්මකව ගලපමින් පොලිස් දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් නීත්‍යානුකූල කටයුතු කර ඔවුන් තාවකාලිකව හෝ වැඩ තහනමකට ලක් කර තැබීමයි.
එසේ නොමැතිව කිසිම දිනක පොලිස් දෙපාර්තමේන්තුව යහපත් තැනකට ගෙන ඒමට නම් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට නොහැකි වනු ඇත. එයින් සිදු වන්නේ අති දක්ෂ දූෂිත නොවූ 60% ක් 70%ක් පමණ සිටිනා පොලිස් නිලධාරින්ට තම රාජකාරීන් එපා වීමයි. එසේ එපා වූ විට ඔවුන්ගෙන්ද මිනිසාට අවශ්‍ය සේවය නොලැබේ.
කල යුතු දේ නීතියේ සදහන් වූවත්, පොලිස් විශේෂ විමර්ශණ ඒකකයත් නීතිය නොදැනීම හෝ නීතිය නැමීම සිදුකරන්නේ නම්, ඉන් කියවෙන්නේ, ඔවුන්ද දූෂිතයන් බවය.
(අප මෙම පුවත ලබා ගත්තේ මීට සති කිහිපයකට පමන පෙරය. මේ පිළිබදව තොරතුරු ලබා ගන්නා අවස්තාව වන විටත් මෙම පොලිස් නිලධාරියා සේවයේ යෙදී සිටියේය. කෙසේ නමුත් අප පුවත පලකිරීමට දින කිහිපයකට පෙර ඔහුගේ වැඩ තහනම් කර තිබේ)