දරුවන් විවිධ හිරිහැරයන්ට ලක්වීම , ඝාතනය වීම , මහමග දමා යාම වැනි සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හදා වඩා ගැනීමට නොහැකි මාස 3ට අඩු දරුවන් භාර දීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමටත් , ඊට අදාළ නීති කඩිනමින් සම්පාදනය කරන බවත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම දැනට පවතින නීතිය අනුව දරුවන් අතහැර යන මව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් , නව සංශෝදනය අනුව දරුවන් භාර ගැනීමේ කවුළු වලට භාර දෙන මව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවත් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් වන දණ්ඩ නීති සංග්‍රහයට ගෙන එන සංශෝදන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අධිකරණ අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.