ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (01) පස්වරුවේ පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කර සිටියේ පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය තුට්ටු දෙකට විකිණීමට සූදානමක් පවති ද යන්නයි,
ඊට පිළිතුරු වශයෙන් ,මහනුවර පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය විකිණීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් එය විශාල සම්පතක් බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් අක්කර 25ක් පුරා විහිදී ඇති පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය මේ වන විට ආරම්භ කළ අරමුණු කරා ළඟා වී නොමැති බවත් , අවම තරමේ 25% – 30%ක ප්රගතියක්වත් දක්වා නොමැති බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ.
ඒ නිසාවෙන් රාජ්‍ය මැදිහත්වීම යටතේ විදේශිය අධ්‍යාපන ආයතනයක් සමඟින් දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.