මිරිහාන පොලිස් ක්‍රීඩා පිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
පොලීසිය ප්‍රකාශ කළේ, කට්ටිය හන්දිය දෙස සිට මිරිහාන වටරවුම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (26) අලුයම මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 36 හැවිරිදි රන්න කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු බව සඳහන්ය.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.