මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ, මහල් 8 කින් සමන්විත ගොඩනැගිල්ලේ අක්‍රිය වී ඇති විදුලි සෝපාන දෙක අලුත් වැඩියා නොකිරීමට එරෙහිව වැඩවර්ජනය ආරම්භ කළ බවයි.
එම ගොඩනැගිල්ල දෛනිකව 3000කට අධික පිරිසක් භාවිත කරන බවද ඔහු පවසා තිබේ.
භාණ්ඩ සඳහා වූ සෝපානයද ක්‍රියාත්මක වන්නේ 5 වන මහල් දක්වා පමණක් බවත් එතැන් සිට තැපැල් භාණ්ඩ තැපැල් සේවකයින් රැගෙන යා යුතු බවත් ඔහු පවසා තිබේ
මේ සම්බන්ධයෙන් තැපැල්පති පී. සත්කුමාර ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ, වසර 25 ක් පමණ පැරණි අදාළ විදුලි සෝපානය නවීකරණයට මීට සතියකට පමණ ඉහතදී පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති බවයි.