කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් පයාගල ප්‍රදේශයේ දේපල සොරකමේ නිරත, පොලිසියට අවශ්‍යව සිටි “පොතුවිල කළුවා” නමැති පුද්ගලයා ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු 22 හැවිරිදි වියේ පසුවන අතර කිසිදු ආදායමක් හෝ රැකියාවක් නොකොට දේපල රැසක් හා අධික වටිනාකමකින් යුත් යතුරුපැදියක් ගැනීම පිලිබදව සැකසිතී අත්අඩංගුවට ගෙන කරන ලද විමර්ශන වලදී හෙළිව ඇත්තේ ගෙවල් බිද රන්භාණ්ඩ හා වටිනා කියන දේ සොරාගෙන ඇති බවයි.
මොහු විසින් සොරාගන්නාලද රන්භාණ්ඩ, ජංගම දුරකථන හා අධික වටිනාකමකින් යුත් යතුරු පැදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය මගින් සිදුකරනු ලබයි.