කුකුළු මස් හා බිත්තර මිල පහළ යන ලකුණු .

ලබන වර්ෂයේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි බවත් , යළි ඉහළ යාමක් සිදු නොවන බවත් , ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ” ස්ථාවර රටකට සැවොම එක මගකට ” මැයෙන් ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

” කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපේ රටේ ස්වයංපෝෂිත මට්ටමක පැවතියත් , කොවිඩ් වසංගත තත්වය හා ආර්ථික අර්බුදය නිසා සත්ත්ව ආහාර නිෂ්පාදනය පහළ වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය පහළ ගියා . රටට අවශ්‍ය මස් හා බිත්තර නිෂ්පාදනය 100% ක්ම සිදුවන්නේ පුද්ගලික අංශයෙන්. මේ වන විට සියලු ගොවිපලවල කුකුළු පැටව් ප්‍රමාණය 3, 420 , 000 ඉක්මවා තිබෙනවා . බොහෝ විට එම සතුන් ලබන දෙසැම්බර් මාසය වන විට බිත්තර දැමීම සිදු කරනවා. ඒ නිසා ලබන දෙසැම්බර් මාසයෙන් පසුව දැනට බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇති බව එම කර්මාන්තකරුවන් ප්‍රකාශ කරනවා . කුකුළු කර්මාන්තයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට ද මෙම කර්මාන්තකරුවන්ට අපි අවස්ථාව ලබා දුන්නොත් එහි වාසිය අපේ පාරිභෝගිකයාට ඉදිරියේදී ලැබෙනවා . “

Exit mobile version