බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම මඟින් ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක මුදලකට අලෙවි කිරීමට හැකි බවට සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, සති දෙකක් ඇතුළත බඩඉරිඟු ආනයනය කිරීමේ හැකියාව පවතින බවයි.
මෙම සහන මඟින් ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 40ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බව ද එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කර තිබේ.