රජය විසින් බඩඉරිඟු ආනයන බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 75 සිට රුපියල් 25 දක්වා පහත දැමීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම මෙහි අරමුණින් කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය වැඩි වන අවස්ථාවන්හිදී එම වාසියද පාරිභෝගිකයන්ට ලබාදීමට අදාළ කර්මාන්තරුවන් සිය එකඟතාව පළ කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් පල කළ කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට වාර්ෂික ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 11 දක්වාත්, වාර්ෂික ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 138 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.