විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යෝජිත රජයේ ප්‍රතිපත්තිය , මාර්ග සැලසුම සහ කාල රාමුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 31 ක නියෝජිතයින් ඊයේ (20) සවස සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම ක්‍රියාවලිය සිඳු කිරීමෙදී විදුලිය ජනනය , සම්ප්‍රේෂණය , බෙදා හැරීම , වෙන් කිරීම , මානව සම්පත් කළමණාකරනය , අතිරික්ත සේවකයන් වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාවලිය , ජනන සමාගම් සහ බෙදා හැරීමේ සමාගම් ලෙස පරිවර්තනය , සේවක අර්ථසාධක සහ විශ්‍රාම වැටුප් පිළිබඳව අනුගමනය කරන ක්‍රියාවලිය , කළමණාකරන ව්‍යුහය , යෝජිත ප්‍රතිව්‍යුහගත කාර්යාංශය සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් .