ඉදිරි සංවර්ධන කටයුතු ගැන ප්‍රසන්න රණතුංග කියයි.

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් , මීට අදාළ කෙටුම්පත ජනාධිපතිවරයා හට භාර දී ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙරට අධිවේගී මාර්ග ඇතුළු මූලික සංවර්ධන වැඩසටහන් රැසක් ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version