රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවකයන් 8,400 ක් ස්ථිර කිරීම සඳහා එම අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
වැඩිම රජයේ සේවකයන් පිරිසක් රාජකාරි කටයුතු කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ බවත්, මෙම අමාත්‍යාංශයේ සේවකයන් 495,000 ක් සේවයේ නිරතව සිටින බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.
මෙතෙක් ස්ථිර පත්වීම් නොලැබූ අවුරුදු 18 ත් 20 ත් අතර කාලයක් පැරැණි සේවකයන් අමාත්‍යාංශයේ සහ එහි ආයතනවල සිටින බවත්, ඔවුන් මෙලෙස ස්ථිර කිරීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.