ජල ගාස්තු අඩු කිරීමට සූදානමක්.

සිදුවීමට නියමිත විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බවට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසා ඇති බව වාර්තා වේ.

මහනුවරදී අද (11) ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවට හැකි උපරිම සහන ලබාදීමට රජය වශයෙන්  පියවර ගනිමින් සිටින බවයි.

“මින් ඉදිරියට ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙමගින් ජනතාව පීඩනයට පත් කිරීමට අපි කටයුතු කරන්නේ නෑ. ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි විදුලිය. ඉතින් විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අපි අඩු කරනවා.”

Exit mobile version