රුවන්පුර ශ්‍රී විජය මංගලාරාමයේ කඨින පිංකමට සූදානම් වන අයුරු.

හැටන් රුවන් පුර ශ්‍රි වීජය මංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැටන් ආගිල්යා විලාහි සාමණ්‍යධිකාරි ඇතුළු එහි කාර්ය මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

එම විහාරස්ථානයේ විහාරාධිපති නුවරඑළිය දිසාවේ උප ප්‍රධාන සංඝ නායක පන්නගමුවේ දයාවංශ නායක හිමියන්ගේ අනුශාසනා මත මෙවර වාර්ෂික කඨින පිංකම මේ මස 19හා 20වන දින පැවැත්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මේ මස 19වන දින සවස 2.00ට අගිල්යා විලා අසලින් කඨින චිවරය රැගත් කඨින පෙරහැර ආරම්භ වි රුවන් පුර ගම්මානය හරහා ගමන් කර එම විහාරස්ථානයට ගෙවදිනු ඇත.

20වන දින දහවල් ගරුතර සංඝරත්නය විෂයෙහි සපිරිකර සහිත දානය පිරිනැමිමෙන් පසු මෙවර කඨින පිංකම නිමාවට පත්වන අතර කඨින පිංකමට පෙර එම විහාරස්ථානයේ නවිකරණ කටයුතු කිරිමටද ආගිල්යා විලාහි සාමණ්‍යධිකාරි අයන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.

Exit mobile version