ජනපති ස්විට්සර්ලන්තයෙන් උගන්ඩාවට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China)ට සහභාගී වීම සඳහා අද (18) උගන්ඩාවට පැමිණි බව වාර්තා වේ.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වි තිබේ.

ජනපති උගන්ඩාවට පැමිණියේ ස්විට්සර්ලන්තයේ ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවයි. 

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ  හෙට (19)සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වේ. 

G77 සහ චීනය  3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවෙකු අත් නොහරිමු’ යන්නයි.

මෙම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

Exit mobile version