ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ජනාධිපතිවරයා අද (08) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බවට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.
ඉන්දියානු සාගර සමුළුව හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නුවර දී පැවැත්වීමට නියමිතය.
ඉන්දීය පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයට එක්වනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.
සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට නියමිත බව සදහන්.