ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි මස 21 වන දින දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තාවේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ සංචාරයේ නිරතවන පළමු අවස්ථාව මෙය බව පැවසේ.
එම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාවක් කිරීමට හා තවත් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනපති තුමන් හා එම සංචාරය සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද එක්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා මෙම සතියේ දී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි.