ජනාධිපතිවරණය ලබන වසරේ.

ජනාධිපතිවරණය ලබන වර්ෂයේ පැවැත්වීමටත් , ඒ සඳහා ලබන වර්ෂයේ අයවැයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ .

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුතින් පත්වූ සභාපති ආර්.එම්.එල්.රත්නායක මහතා ඇතුළු එම කොමිෂන් සභාවේ නිලධාරීන් ඉකුත් සති අන්තයේ ජනාධිපතිවරයා කැඳවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් , ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සූදානම් කර ගැනීමට සිදුවන බවත් , එම මුදල් අයවැය ලේඛනයට ඇතුළත් කර වෙන් කරගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ .

Exit mobile version