සිව් දින නිල සංචාරයක් සඳහා අගමැති චීනයට .

සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ චීනය බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව හෙට (16) දිනයේ සිට ලබන 20 වන දින දක්වා චීනයේ කුන්මින්හි දී පැවැත්වෙන චීන දකුණු ආසියානු ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වීමට නියමිතව තිබෙන අතර මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60ක් සහභාගී වේ.

පොදු සංවර්ධනය සඳහා සහයෝගීතාව සහ සම්බන්ධීකරණය මෙම ප්‍රදර්ශනයේ තේමාව බව සඳහන් .

.

Exit mobile version