නව වී ප්‍රභේදයකට අගමැතිගේ අවධානය .

චීනයේ සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සංචාරක ආකර්ෂණය සහිත කෘෂිකර්ම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ ඩාලි සිටි ගුෂෙන්ග් ගම්මානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණයට එක්වී තිබෙන අතර දෙමුහුන් සහල් වර්ග නිපදවන මෙම ආයතනය විසින් නිපදවූ සාමාන්‍ය වී අස්වැන්න මෙන් හතර ගුණයක අස්වැන්නක් ලබා ඇති නවතම වී ප්‍රභේදය සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

අදාළ නව වී ප්‍රභේදය වියළි කලාපවලද ඉතා හොඳින් වගා කළ හැකි බැවින් නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාව තුළ වගා කිරීම සඳහා සොයාබැලීමට කණ්ඩායමක් එවන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ආරාධනා කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version