බන්ධනාගාර තදබදය ඉහළට.

දිවයිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව මෙම වර්ෂයේ ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් ,
සමස්තයක් ලෙස දිවයිනේ සියලු බන්ධනාගාර තුළ රැඳවියන් 13,241 දෙනෙකු රැඳවිය හැකි වුවත් මේ වන විට එම සංඛ්‍යාව 29,000කට ආසන්න වන බවත් වාර්තා වේ .

එමෙන්ම ඒ යටතේ රැඳවියන් 19,000කට ආසන්න සංඛ්‍යාවක් සැකකරුවන් වන බවත් , 10,000කට ආසන්න පිරිසක් සිරකරුවන් වන බවත් සඳහන් .

Exit mobile version