බන්ධනාගාරවල සබන් කෑල්ලක්වත් නෑ – සිරකරුවන් ලෙඩ වීම සාධාරණයි.

සිරකරුවෝද මනුෂ්‍යයෝ වුවත් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ද අමුතුම තාලයේ එකක් බවත්, දූෂිත රාජ්‍යයක බන්ධනාගාර දූෂිත වීම සාධාරණ බවත් වාර්තා ගණනාවකින්ම අප පෙන්වා දෙන ලදී.

එසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සමහර දූෂිත නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් විශාල වශයෙන් අප වෙත ලැබී තිබෙන නමුත් ඒවා වෙනුවෙන් කතා කළ යුතු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කතා නොකිරීම නිසා ඒවාට විසදුම් නොලැබී දිනෙන් දිනම සිරකරු ජීවිත දුක්ඛිත වෙමින් පවතී. කිසිවෙක් ඒ පිළිබඳව කතා නොකරනුයේ කතා කරන පුද්ගලයන්ටද බන්ධනාගාර ගතවීමට සිදු වුවහොත් ඔවුන්ට කුමක් වේවිද? යන්න තිබෙන බිය නිසාය.

ඒ කෙසේ වූවත් බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව බින්දුවේ බව අද (06) දින බන්ධනාගාර සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ඉදිරිපත් කළ ලිපියකින් මනාව පැහැදිලි වේ.

මේ වන විටත් විවිධ බෝවන රෝග බන්ධනාගාර තුලින් වාර්තා වීමත්, එයට හේතුව කුමක්ද? යන්නත් එම ලිපියෙන් මනාව පැහැදිලිව පෙනේ.

එම ලිපිය මගින් දන්වා ඇති පරිදි සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍ය සහ උපකරණ කිසිවක් බන්ධනාගාර ගබඩාවල නැත.

Exit mobile version