ශ්රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 314ක් සහ සෙසු නිලයන් 1,565ක් ඔවුන්ගේ ඊළග නිලයට උසස් කර ඇති බව වාර්තා වේ.
මෙම උසස්වීම් ලබා ඇත්තේ 74 වැනි යුද හමුදා සංවත්සර දිනය නිමිති කරගෙනයි.
ඒ වෙනුවෙන් යුද හමුදා මූලස්ථානය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති අතර ,සම්මාන පෙළපාලියක් ද පනාගොඩ කදවුරේදී අද (10) උදෑසන පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සදහන්.