ප්‍රංශයේ 17 හැවිරිදි තරුණයකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග ඇතිව ඇති ජනතා වීරෝධතා අඛණ්ඩව තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම විරෝධතා හේතුවෙන් ප්‍රංශයේ නගර රැසක දී 200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් විරෝධතා කරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ.
මෙම විරෝධය සදහා එක්ව ඇති විරෝධතාකරුවන් විසින් දේපලවලට හානි සිදුකර ඇති බවත් මෝටර් රථ 40ක් පමණ ගිනි තබා විනාශ කර ඇති බවත් වාර්තාවේ. මෙම කලහා කාරී තත්ත්වය පාලනය කිරීම සදහා 40,000 ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් යොදවා ඇති බව විදෙශ් මාධ්‍ය සදහන් කරයි.
ප්‍රංශයේ පවතින මෙම වාතාවරණය තුළ එරට ජනාධිපතිවරයා ප්‍රකට ගායක එල්ටන් ජෝන්ගේ උත්සවයකට සහභාගී වීම හේතුවෙන් ජනතාවගේ දැඩි අප්‍රසාදය පළ වී ඇති බවයි වාර්තා වන්නේ.