ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ලබන 12 වැනිදා දහවල් කෑම පැයේදි දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට විරෝධතා ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කර ඇති බව වාර්තා වේ.
ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ (07) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වු ජාතික රෝහලේ වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට උත්සාහ ගනිමින් සිටිනා බවයි.
සෞඛ්‍ය සේවකයන් සිදුකරනු ලබන කිසිදු වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට මැදිහත්විමට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෙළා දකිමින් සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනය දැනුවත් කළද මෙතෙක් ඊට සාධනිය ප්‍රතිචාර නොලැබුණු බවද හෙතෙම කීවේය.
එවැනි තත්ත්වයක් තිබියදී පොලිසිය මෙම ගැටලුවට මැදිහත්වී සෞඛ්‍ය වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව කනගාටුව පළකරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේය.