ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙන්නේ එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බවයි.
එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
තවද ඉන්ධන අර්බුදය පාලනය කිරීම උදෙසා ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තෙක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.