මේ දශකයේ මේ වන විට වැඩියෙන්ම කතා බස් වන්නේ අමාත්‍ය කාංචන විජේසේකරගේ විවිධ ප්‍රකාශයන් නිසා රට ගිනි ගැනීමයි. එය සිදුවන්නේ පසු ගිය මැයි මාසයේ සිටය. ඒ ඛනිජ තෙල් පිලිබඳව විවිධ අවශ්තාවලදී ප්‍රකාශ කල විවිධ ප්‍රකාශ නිසාය. කෙසේ නමුත් ඒ පිලිබදව ලිවීමට විවිධ කතා විශාල වශයෙන් තිබේ. නමුත් ඔහුගේ QR කේත ක්‍රමය සාර්ථක වුවත් දැන් එයද “ගඟට කපු ඉනි” සේ වී තිබේ. QR ක්‍රමයද සුදු අලියෙකු වී තිබේ. ඒ තැන තැන ඉන්ධන පෝලිම් නැවතත් ඇති වී තිබීමයි. පාලනයට ඕනා තරම් ක්‍රම තිබුනත් එය බිම සමග ගැලපීමට නොහැකි නම් සහ පාලනය අවංක නොමැති නම් ප්‍රතිපලය භයානකය. කාංචන විජේසේකර යනු හොද දේශපාලන අනාගතයක් උදා කර ගත ඇමතිවරයෙක් වුවත් ඔහු විසින්ම එය විනාශකරගෙන තිබීම අපරාදයකි.
මීට මාසයකට පමණ පෙර සිට රට පුරා ගොවියන්ගේ ගොයම් කැපීම ආරම්භ විය. නමුත් මෙවර ගොයම් කැපීමට සිදුව තිබෙන්නේ එකකට එකක් වැඩියෙන් මුදල් ලබා දීමෙනි. එසේ කිරීමටත් ඩිසල් නැත. නමුත් පාලක පන්තියට එය විසදීමට තවමත් නොහැකිව තිබේ. වෙනදා අක්කරයක් ගොයම් කැපීමට රුපියල් 14,000 .00 ක් අය කල ගොයම් කපන මැසින් සදහා දැන් රුපියල් 28,000 .00 කි. අස්වැන්න වෙනදාට වඩා අඩකින් අඩුව තිබේ. මේ ප්‍රශ්නය තිබෙන්නේ මාසයක කාලයක සිටය. රටේ බත සපයන ගොවියාට පළමු කෙනහිල්ල පැමිණෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා කෘෂි ඇමතිව සිටියදීය. ඒ පොහොර ගැටලුවයි. එදා අමාරුවෙන් වගා කරගත් ගොයම් වගාවේ අස්වැන්න තිබෙන්නේ භාගයකටත් වඩා අඩුවෙනි. දැන් එය ලබා ගැනීම සදහා ඩිසල් නැත.
මේ හේතුවෙන් නැවතත් රට පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇතිවීමට අවශ්‍ය ඉඩකඩ සැකසෙමින් තිබේ. මිනිසුන් ගැන අඹමල් රේණුවකවත් කැක්කුමක් කාංචන විජේසේකර අමාත්‍යවරයාට තිබේ නම් කල යුතුව තිබුනේ ගොවියන් වෙනුවෙන් අවශ්‍ය ඩීසල් නිකුත් කිරීමයි. නමුත් ඔහු ජීවත් වන්නේ වෙනත් ලෝකයක බව පෙනේ. කෙසේ නමුත් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරීම වැනි හොද වැඩද ඔහු කරමින් සිටි. නමුත් ජනතාව ඉල්ලන්නේ ජීවත් වීම සදහා ඉන්ධන ලබා දෙන ලෙසයි. තේරුම් ගත යුත්තේ එයයි.