බාල ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් සොයා යළි වැටලීම්.

නිෂ්පාදනය තහනම් කරන ලද මයික්‍රෝන 20ට අඩු ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් භාවිතය නැවත ඉහළ ගොස් ඇති බැවින් තත්ත්වයෙන් බාල නිෂ්පාදන සිදු කරන කර්මාන්තශාලා වැටලීමේ කටයුතු අරඹා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

මයික්‍රෝන 20ට වැඩි ලන්ච් ෂීට් එකක් රුපියල් 3ක් පමණ වුවද තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් 100ක් රුපියල් 80ක් වැනි මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරේ.

තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් දිරා නොයෑම හේතුවෙන් පරිසර ගැටලු රැසක් පැන නගින බැවින් ඒවා නිෂ්පාදනය සඳහා තහනම් නීති පනවා ඇති බව සදහන්.

Exit mobile version