දුම්රිය ගේට්ටු මුරකරුවන් වැටුප් වැඩිකරන්නයැයි ඉල්ලයි.

දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ දෛනික වැටප ඉහළ නංවන්නැයි රජයෙන් ඉල්ලීමක් සිදු කරන බවට දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.

මේ වන විට දෛනිකව තමන්ට ලැබෙන්නේ රුපියල් 250ක වැනි සුළු දීමනාවක් පමණක් බවත්  එහි ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

එය ප්‍රමාණවත් නොවන බැවින් තම වැටුප් වැඩි කිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නයි රජයෙන්  ඉල්ලීමක්  කරන බවත් එම ප්‍රකාශකයා පවසා තිබේ.

මේ වන විට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 655ක් සඳහා දුම්රිය ගේට්ටු මුරකරුවන් 2065 දෙනෙකු රාජකාරී සිදු කරනු ලබයි.

Exit mobile version